කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය අද වාර්තා කළා.
මෙහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,922.66ක් ලෙස දැක්වුණු අතර එය පෙර දිනයට සපේක්ෂව ඒකක 188.09ක ඉහළ යාමක්.
මීට පෙර සියලු කොටස් මිල දර්ශකයේ වැඩිම අගය 2011 වසරේ පෙබරවාරි 14 වැනිදා වාර්තා වුණා.
එම අගය ඒකක 7,811.80ක්.
අද දිනයේ රුපියල් බිලියන 12.18ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණා.