News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

ගෙල කපා බිරිඳ මරා දැමූ සැමියා එල්ලී මියයයි

9104 Views


ගෙල කපා බිරිඳ මරා දැමූ සැමියා එල්ලී මියයයි

කාන්තා මළ සිරුරක් සහ එල්ලෙමින් තිබූ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ ගම්පහ, මාකෙවිට ප්‍රදේශයේ නිවසක් තුළින් හමු වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ, අදාළ කාන්තාවගේ ගෙල කපා ඇයව ඝාතනය කළ සැමියා ගෙල වැළ ලා ගෙන මිය ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී කරුණු අනාවරණ වී ඇති බවයි.

ඔවුන් දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් ඇති වන බවට තොරතුරු හෙළි වී ඇති බවත් ඒ හේතුවෙන් අදාළ පුද්ගලයා සිය බිරිඳ ඝාතනයකර ඔහු ද සිය දිවි නසා ගන්නට ඇති බවටත් සැක මතු වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

ඝාතනයට ලක්ව ඇත්තේ 50 හැවිරිදි කාන්තාවක් වන අතර සිය දිවි නසා ගත් පුද්ගලයා 60 හැවිරිදි අයෙක්.

සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ පවත්වා පෙබරවාරි මස 3 වැනිදා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙසට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියම කළා.

එමෙන්ම එම මරණ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙසත්, සාක්ෂිකරුවන් සිටියි නම් අදාළ දිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා ගම්පහ පොලිසියට නියමකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post