News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

“ඇවිදින පුස්තකාලය” මඟ නවතියි

715 Views


“ඇවිදින පුස්තකාලය” මඟ නවතියි

“ඇවිදින පුස්තකාලය” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු කලාශූරී, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 99 වැනි වියෙහි පසු වුණා.

එඩ්වින් ආරියදාස මහතා මෙරට ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු ලෙස ද සැළකෙනවා.

ආරියදාස මහතා 99 වැනි වියට පා තැබුවේ, ඉකුත් දෙසැම්බර් 3 වැනිදායි.

සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වය විශිෂ්ඨ ලෙස හැසිරවීමෙහි සමත්කම් දැක්වූ එඩ්වින් ආරියදාස මහතා විචාර ලිපි ගණනාවක් ද රචනාකර තිබෙනවා.

‘ලෝක ඉතිහාසය’, ඇමෙරිකානු ජනපතිගේ දේශන ඇතුළත්  ‘විමුක්ති ප‍්‍රකාශ’ ඇතුළු කෘති කිහිපයක්ම පළකර ඇති එඩ්වින් ආරියදාස ශූරීන් විවිධ රාජ්‍ය ආයතනවල උසස් තනතුරු ද හොබවනු ලැබුවා.

එමෙන්ම ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට අධික ප්‍රමාණයකට හිමිකම් කීමටත් ඒ මහතා සමත් වුණා.

එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post