News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
23

පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරියටත් කොවිඩ් 19 ආසාදනය වෙයි

648 Views


පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරියටත් කොවිඩ් 19 ආසාදනය වෙයි

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් ඒ බව තහවුරු වී ඇති අතර වැඩිදුරටත් සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙහි ප්‍රතිඵල ලැබෙන තෙක් අමාත්‍යවරිය නිවසේ නිරෝධායනය වීමට තීරණයකර ඇති බව නිවේදනය කෙරුණා.

කෙසේ වෙතත් මේ වනවිට ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ඒ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගියා.

දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, රවුෆ් හකීම්, පියල් නිශාන්ත යන පිරිස මින් පෙර වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරට අයත්.

මේ අතර වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සුවය ලබා පසුගියදා සිය නිවස වෙත පැමිණියා.


News Articles
Latest Videos
Most Popular Post