News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
23

කොවිඩ් රෝගීන් 644කට සුවයි – නව ආසාදිතයින් 353ක් හඳුනා ගනියි

490 Views


කොවිඩ් රෝගීන් 644කට සුවයි – නව ආසාදිතයින් 353ක් හඳුනා ගනියි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 353 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඔවුන්ගෙන් ආසාදිතයින් 9 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති අතර සෙසු 344 දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස වාර්තා වී ඇති බවයි.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන 53,339ක්.

මේ අතර වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 644 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මේ වනවිට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 49, 261 දක්වා ඉහළ ගොස් ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post