News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
25

මාතර මව සහ පුත්‍රයා දිසි නසා ගත් හේතුව

1323 Views


මාතර මව සහ පුත්‍රයා දිසි නසා ගත් හේතුව

මාතර, ගන්ධර ප්‍රදේශයේ නිවසක තිබී ගෙල වැල ලා ගෙන මිය ගිය බවට සැක කෙරෙන කුඩා දරුවෙකුගේ සහ කාන්තාවකගේ මළ සිරුරු දෙකක් ඊයේ හමු වුණා.

පොලිසිය පැවසුවේ අදාළ කාන්තාව ලියූ බවට සැක කෙරෙන ලිපියක් එම නිවසේ තිබී හමු වූ බවයි.

ඇගේ සැමියා ධීවර රැකියාවේ නිරත අයෙක් වන අතර ඔහු මුහුදු ගිය අවස්ථාවේ අදාළ කාන්තාව එම ලිපිය ලියා ඇති බවටයි සැක මතුව ඇත්තේ.

ණය මුදලක් ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සිය දිවි නසා ගන්නා බව එම කාන්තාව සිය ලිපිය මගින් පවසා තිබුණා.

එලෙස මිය ගොස් ඇත්තේ 24 හැවිරිදි කාන්තාවක් සහ අවුරුදු 4ක් වූ ඇගේ පුත්‍රයායි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post