News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
25

එඩ්වින් ආරියදාස කලා ශූරීන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේ

681 Views


එඩ්වින් ආරියදාස කලා ශූරීන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේ

අභාවප්‍රාප්ත කලාකීර්ති, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ඊයේ උදෑසන සිට බොරැල්ල ජයරත්න අවමංගල්‍යය ශාලාවේ තැන්පත්කර තැබුණා.

අද පස්වරු 3.30ට අවමංගල්‍යය සභාව බොරැල්ල සුසාන භූමියේ ඉදිකර ඇති විශේෂ චිතකය අසලදී ආරම්භ වන අතර ආදාහන කටයුතු පස්වරු 5ට සිදු කිරීමට නියමිතව තිබෙනවා.

“ඇවිදින පුස්තකාලය” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු කලාශූරී, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වනවිට 99 වැනි වියෙහි පසු වුණා.

එඩ්වින් ආරියදාස මහතා මෙරට ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු ලෙස විශිෂ්ඨ සේවයක් ඉටු කළා.

සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වය විශිෂ්ඨ ලෙස හැසිරවීමෙහි සමත්කම් දැක්වූ ඔහු විචාර ලිපි ගණනාවක් රචනා කළ අයෙක්.

විවිධ රාජ්‍ය ආයතනවල උසස් තනතුරු හොබවනු ලැබූ එඩ්වින් ආරියදාස ශූරීන් ක්ෂේත්‍ර රැසක දැක්වූ දස්කම් වෙනුවෙන් ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට අධික ප්‍රමාණයකට හිමිකම් කියනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post