News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
25

නිරෝධායන නීති කඩා නිවසින් පිට වූ පොලිස් සැරයන්වරයෙක් අනතුරකට ලක් වෙයි

465 Views


නිරෝධායන නීති කඩා නිවසින් පිට වූ පොලිස් සැරයන්වරයෙක් අනතුරකට ලක් වෙයි

ස්වයං නිරෝධායනය වෙමින් සිටි පොලිස් සැරයන්වරයෙකු නිවසින් බැහැරට ගිය අවස්ථාවක අනතුරකට ලක්ව ඇති බව පොලිසිය පවසනවා.

අදාළ සැරයන්වරයා කොවිඩ් 19 වෙෙරසය ආසාදනය වූ පොලිස් නිලධාරියෙකුගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් ස්වයං නිරෝධායනය වන ලෙසට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබුණා.

කෙසේ වෙතත් නිරෝධායනය වෙමින් සිටින අතරතුර සිය යතුරුපැදියෙන් නිවසින් බැහැරට ගොස් තිබූ නිලධාරියා ටිපර් රථයක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ, දක්ෂිණ අධිවේගී පිවිසුම් මාර්ගයේ නුගදූව ප්‍රදේශයේ නවතා තිබූ ටිපර් රථයක අදාළ නිලධාරියා ගමන්ගත් යතුරුපැදිය ගැටී තිබූ බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ සැරයන්වරයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

එලෙස අනතුරට ලක් වූයේ වරාය පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙක්.

ඔහු ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී නිවසින් බැහැරට ගොස් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් වරාය පොලිසිය පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post