News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
28

නිදහස් දින පෙරහුරු සඳහා දින පහකට කොළඹ වාහන ධාවනය සීමා කෙරේ

526 Views


නිදහස් දින පෙරහුරු සඳහා දින පහකට කොළඹ වාහන ධාවනය සීමා කෙරේ

පෙබරවාරි 4 වැනිදා පැවැත්වෙන ජාතික නිදහස් දින උළෙල සඳහා වන පෙරහුරු පෙළපාලි හේතුවෙන් කොළඹ වාහන ධාවනය සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ලබන සෙනසුරාදා සිට පෙබරවාරි මස 3 වැනිදා දක්වා දින පහක් නිදහස් චත්‍රරස්‍රය ආශ්‍රිත මාර්ගවල වාහන ගමනාගමනය එලෙස සීමා කෙරෙන බවයි.

ඒ අනුව බොරැල්ලේ සිට නෙළුම් පොකුණ වටරවුම දක්වා මාර්ගය වසා දැමෙන අතර බොරැල්ලේ සිට පැමිණෙන වාහන හෝර්ටන් පෙදෙස හරහා විජේරාම මාවත ඔස්සේ වෝඩ් පෙදෙස දෙසට ගමන්කර පුරහල, යූනියන් පෙදෙස හරහා ගමන් කළ හැකි වනවා.

පොලිසිය පැවසුවේ, කොළඹ සිට බොරැල්ල දක්වා ගමන් ගන්නා වාහනවලට ද අදාළ මාර්ගය භාවිත කළ හැකි බවයි.

කෙසේ වෙතත් ගාලු පාර සහ බෞද්ධාලෝක මාවතේ වාහන ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ද පොලිසිය ප්‍රකාශ කළා.

73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ කොළඹදීයි.


News Articles
Latest Videos
Most Popular Post