News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
28

මෙරට කොවිඩ් මරණ 290ට නගියි – දෛනික ආසාදිත ගණන 742යි

562 Views


මෙරට කොවිඩ් මරණ 290ට නගියි – දෛනික ආසාදිත ගණන 742යි

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 290 දක්වා ඉහළ නංවමින් තවත් මරණ දෙකක් පිළිබඳ තොරතුරු ඊයේ රාත්‍රී වාර්තා වුණා.

කොළඹ 15 සහ ගෝනපොල යන ප්‍රදේශවල පදංචිව සිටි 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 74 හැවිරිදි කාන්තාවත් එලෙස මිය ගොස් තිබුණා.

ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 742 ඊයේ දිනය තුළ වාර්තා වුණා.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවල ආසාදිතයින් ගණන 56,347 දක්වා ඉහළ ගියා.‍

එමෙන්ම කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 1,520 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් ඊයේ පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ගණන 52,000 පසු කළා.

ඒ අනුව එම සංඛ්‍යාව දැක්වෙන්නේ 52,566ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post