News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
28

සවස් කාලයේ වැසි – ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩි වීමක්

546 Views


සවස් කාලයේ වැසි – ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩි වීමක්

අද සිට ඉදිරි දින කිහිපයේ දිවයිනේ ඇතැම් ස්ථානවල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් එලෙස වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බවයි.

එමෙන්ම අද උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.

නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි වනවා.

එමෙන්ම වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post