වවුනියාව, රාසේන්ද්‍රකුලම් ප‍්‍රදේශයේ අන්ධ පුද්ගලයෙකුට අයත් නිවසකට කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා.
පොලිසිය පැවසුවේ පසුගිය 26 වැනිදා එම පුද්ගලයා ඔහුට අයත් නිවසේ නිදා සිටියදී කිසියම් පිරිසක් නිවසේ දොරගුළු දමා එලෙස නිවසට ගිනි තබා ඇති බවයි.
ගින්නෙන් දැවෙන විට අන්ධ පුද්ගලයා කෑ ගසා ඇති අතර අසල්වැසියන් පැමිණ ඔහුව බේරාගෙන තිබුණා.
කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ එම පුද්ගලයා ගින්නට හසු වී සුළු පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි.
අදාළ නිවස පිහිටි ඉඩම අත්පත් කර ගැනීමේ අපේක්ෂාවෙන් එම පිරිස නිවසට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.