කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 852 හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන්ගෙන් 351 දෙනෙකු අද පස්වරුවේ හඳුනාගෙන තිබූ අතර සෙසු 501 දෙනා රාත්‍රියේ වාර්තා වී තිබුණා.
එම ආසාදිතයින් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් රෝගීන් වනවා.
ඒ අනුව දෛනික ආසාදිතයින් ගණන 852ක් ලෙස දැක්වෙන අතර මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු ආශ්‍රයෙන් හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 57,630 දක්වා ඉහළ ගියා.