News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
31

සැෂේ පැකට් භාවිතය මාර්තු 31 සිට තහනම් කරමින් ගැසට් නිවේදනයක්

521 Views


සැෂේ පැකට් භාවිතය මාර්තු 31 සිට තහනම් කරමින් ගැසට් නිවේදනයක්

තනි හා කෙටිකාලීන භාවිතයට ගන්නා සැෂේ පැකට් සඳහා යොදා ගනු ලබන PET සහ PVC පොලිතින් ඇසුරුම් මාර්තු මස 31 වැනිදා සිට තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ජාතික පාරිසරික පනතින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවරී ඇති බලතල අනුව එම නියාමනයන් සිදුකර ඇති බව සඳහන්.

ඒ අනුව යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා භාවිත කරනු ලබන කෘෂිරසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලිඑතිලීන් ටෙරප්තැලේට් (PET) හෝ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් (PVC) ද්‍රව්‍ය සඳහා එම තහනම ක්‍රියාත්මකකර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදන පහතින් :


News Articles
Latest Videos
Most Popular Post