හුදෙකලා බවට පත්කර තිබූ කොළඹට අයත් ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට එම තත්ත්වයෙන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.
එම මධ්‍යස්ථානය පැවසුවේ නාරාහේන්පිට පොලිස් වසමේ 100 වත්ත, වරාය පොලිස් වසමේ පහළ ශාන්ත ඇන්ඩෘෘස් පෙදෙස, ඉහළ ශාන්ත ඇන්ඩෘෘස් පෙදෙස හා ඇන්ඩෘෘස් පාර යන ප්‍රදේශ එලෙස හුදෙකලා බවින් මුදා හරින බවයි.
එමෙන්ම පෑලියගොඩ පොලිස් වසමට අයත් ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ 90 වත්ත ප්‍රදේශය ද හෙට උදෑසන සිට හුදෙකලා බවින් ඉවත් වනු ඇති.
ඊට අදාළ නිවේදනය පහතින් :
