News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට මි.මී. 75 පමණ තද වැසි

393 Views


දිවයිනේ ප්‍රදේශ ගණනාවකට මි.මී. 75 පමණ තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැ.කි.මි. 50 පමණ දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමන තරමක් තද වැසිද ඇතිවිය හැක.

බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post