News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද ජනපති අතට

483 Views


පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද ජනපති අතට

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීමට නියමිතව තිබෙනවා.

2019 සැප්තැම්බර් මස 21 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාව පත් කරනු ලැබුවේය. වසර එක හමාරකට ආසන්න කාලයක් පුද්ගලයින් හාරසිය පනහකගෙන් පමණ සාක්ෂි විමසමින් එම කොමිෂන් සභාව විමර්ශන සිදුකළ අතර එහි කටයුතු පසුගිය 27 වනදා අවසන් කළේය.

එහි සභාපති විනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා කටයුතු කළ අතර අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් මංගලිකා අධිකාරි යන මහත්ම මහත්මීන් කොමිෂන් සභාවේ විනිසුරු මඩුල්ලෙ සෙසු සාමාජිකයන් වේ.


News Articles
Latest Videos
Most Popular Post