News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

නැගෙනහිර ජැටිය වරාය අධිකාරියට – අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයෙන් වෘත්තීය සමිති හෙට සිට ඉවතට

502 Views


නැගෙනහිර ජැටිය වරාය අධිකාරියට – අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයෙන් වෘත්තීය සමිති හෙට සිට ඉවතට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොකරන බවත්, එය සියයට සියයක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස පවත්වාගෙන යන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

විෂයය භාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු එහි අඩංගු කරුණු විදේශීය සමාගමට ඉදිරිපත් කිරීමේදී එකී කරුණුවලට අදාළ සමාගම එකඟ නොවූ නිසා නැගෙනහිර පර්යන්තය 100%ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව පස්වරුවේ කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව මෙම තීන්දුවට එකඟ වී ඇති අතර අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ද හෙට සිට අත්හිටුවීමට එකඟ වී තිබෙනවා.

කෙසේ වෙතත් එම සාකච්ඡාවේදී නැගෙනහිර ජැටිය අන්සතු නොකරන බවට වන ලිඛිත ලියවිල්ලක් වෘත්තිය සමිති නායකයින් ඉල්ලා ඇති නමුත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, සිය වසර 50ක දේශපාලන ඉතිහාසය තුළ වෘත්තිය සමිති ගන්නා ලද ක්‍රියාමාර්ග අපමණ සංඛ්‍යාවක් විසඳා ඇති අතර කිසි දිනක තමන් ඒවා ලිඛිතව ලබා දී නොමැති බවයි.

තමන් යමක් ප්‍රකාශ කළ හොත් එය ඒ අයුරින්ම ඉටු කරන බවයි එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් පවත්වන රැස්වීම්වලදී ගනු ලබන තීරණ එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බවත් අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

අමාත්‍ය රෝහිත රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහ වරාය වෘත්තිය සමිති 23ක් නියෝජනය කරමින් වෘත්තිය සමිති නායකයින් රැසක් එම සාකච්ඡාව සඳහා එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post