News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

“2019 එකඟතාවට අනුව නැගෙනහිර ජැටිය සංවර්ධනය කරනු ඇතැයි අපේක්ෂා කරනවා” – ඉන්දියාව

423 Views


“2019 එකඟතාවට අනුව නැගෙනහිර ජැටිය සංවර්ධනය කරනු ඇතැයි අපේක්ෂා කරනවා” – ඉන්දියාව

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් 2019 වර්ෂයේදී එළැඹුණු ගිවිසුමට අනුව රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සියයට සියයක් වරාය අධිකාරිය මගින් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය එසේ පවසා තිබෙනවා.

එම කාර්යාලය පවසා ඇත්තේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය 2019 වසරේ මැයි මාසයේදී එළැඹි ත්‍රෛපාර්ශ්වික එකඟතාව අනුව එම රටවල්වල සහභාගීත්වයෙන් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම කඩිනමින් ක්‍රියාත්මක වනු ඇතැයි යන්න ඉන්දීය රජයේ බලාපොරොත්තුව බවයි.

ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම සම්බන්ධයෙන් තමන්ට නායක මට්ටමින්ද දන්වා ඇති බවත් මීට මාස තුනකට පෙර ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය ද විදෙස් ආයෝජකයින් සමග එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණයක් ගත් බවත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රතිචාර දක්වමින් පවසා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post