News Line| Off Air
Generic placeholder image

Feb
1

දෛනික ආසාදිතයින් 816ක්

400 Views


දෛනික ආසාදිතයින් 816ක්

අද දිනයේ මේ දක්වා කොවිඩ් 19 වෛසරය ආසාදනය වූ රෝගීන් 816 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

අද පස්වරුවේ රෝගීන් 348 දෙනෙකු හඳුනාගත් අතර රාත්‍රියේ හඳුනාගෙන ඇති රෝගීන් ගණන 468ක්.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවල ආසාදිත ගණන 60,990 දක්වා ඉහළ ගිය අතර ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 64,973ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post