පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.
ඒ, තමාට නියම කළ වසර 4ක සිර දඬුවම නැවත සළකා බලන්නැයි ඉල්ලමින්.
විනිසුරුවරුන් දුෂිතයින් බව පවසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රන්ජන් රාමනායක මහතා වරදකරු බවට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට බරපතල වැඩ සහිතව වසර 4ක සිර දඬුවම් නියම කළේ ඉකුත් මස 12 වැනිදායි.