News Line| Off Air
Generic placeholder image

Feb
2

කොවිඩ් ආසාදිතව මියගිය වෛද්‍ය ගයාන්ගේ අවසන් කටයුතු ගාල්ලේදී සිදු කෙරේ (ඡායාරූප)

418 Views


කොවිඩ් ආසාදිතව මියගිය වෛද්‍ය ගයාන්ගේ අවසන් කටයුතු ගාල්ලේදී සිදු කෙරේ (ඡායාරූප)

කොවිඩ් 19 වෛරසයෙන් මෙරට සිදු වූ පළමු වෛද්‍ය මරණය වාර්තා කරමින් අද උදෑසන මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ඔහුගේ දේහය ආදාහනයකර තිබුණේ, ගාල්ල, දඩල්ල පොදු සුසාන භූමියේදීයි.

රාගම ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව රෝහලට ඇතුළත්කර තිබුණා.

ඉන් අනතුරුව ඔහුව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර අසාධ්‍ය තත්ත්වයේ පසු වූ වෛද්‍යවරයාව දැඩි සත්කාර ඒකකය වෙත යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත් අද උදෑසන අවසන් හුස්ම හෙළූ වෛද්‍යවරයාගේ දේහය පස්වරුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ආදාහනය කිරීමට කටයුතුකර තිබුණා.

මියයන විට වෛද්‍යවරයාගේ වයස අවුරුදු 32ක්.


News Articles
Latest Videos
Most Popular Post