ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්නට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
මේ අතර ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට ද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඊයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවලින් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.
ඒ අනුව එළඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල් දැමීම සම්බන්ධයෙන් සොයා බලන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණා.