එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මිය ශ්‍රී ලංකාවේ මානව හිමකම් කඩ වී ඇති බවට ඉරිපත්කර ඇති වාර්තාව මෙරට රජය ප්‍රතික්ෂේප කළ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඔහු ප්‍රකාශ කළේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දන්වා යවා ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් පහතින් :
“එහි අන්තර්ගතය ප්‍රසිද්ධ නොකරන්න. එය දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යතුමන් විසින් සමුළුව විඩියෝ තාක්ෂණය ඔස්සේ අමතන අවස්ථාවේදී ප්‍රසිද්ධ කිරීමට තමයි ආණ්ඩුවේ තීන්දුව. සංකල්පීය වශයෙන් අපි කිව්වොත් අපි ප්‍රධාන කාරණා 2ක් කියලා තියෙනවා. මහ කොමසාරිස්වරියට 30.1 සහ 40.1 යන යෝජනාවලින් ලබාදුන්න විෂය පථයට පටහැනිවයි මේ වාර්තාව සකස් කරලා තියෙන්නේ. පිටු දාහතහාමාරක් වන වාර්තාවෙන් පිටු දෙකහාමාරක් විතරයි තමන්ගේ විෂය පථයට අදාළව ලියලා තියේන්නේ. අනිත් ඒවා තමන්ගේ විෂය පථයට පටහැනිව වර්ථමාන ආණ්ඩුව පිළිබඳ ද්වේෂකාරි ලෙස වාර්තාවක් තමයි සකස්කරලා තියෙන්නේ. දෙවෙනි කාරණාව තමයි වාර්තාවේ නගලා තියෙන චෝදනා පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කරන්න, සාක්ෂි ගැන තමන්ගේ මුලාශ්‍ර සඳහන් කරන්න මානව හිමිකම් කොමසාරිස්වරිය අසමත් වෙලා තියෙනවා. මෙන්න මේ කාරණා දෙකම පදනම් කරගෙන මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්න ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. ඒ පිළිබඳ විස්තරාත්මක කරුණු දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යතුමන් විසින් සමුළුවේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙනවා.”