News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

ලොව උපායශීලීම ක්‍රිකට් නායකයා මෙන්න

443 Views


ලොව උපායශීලීම ක්‍රිකට් නායකයා මෙන්න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමාජ මාධ්‍ය ඔස්සේ කළ සමීක්ෂණයකින් අනතුරුව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ලොව උපායශීලීම ක්‍රිකට් නායකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නිල ට්විටර් ගිණුමේ ලොව හොඳම උපායශීලි ක්‍රිකට් නායකයා තේරීම සඳහා සමීක්ෂණයක් පැවැත්වුණි.

ඒ සඳහා මහේල ජයවර්ධනට අමතරව ඔස්ට්‍රේලියා හිටපු නායක මාක් ටේලර්, නවසීලන්ත හිටපු නායකයන් වන මාටින් ක්‍රෝ සහ ස්ටීවන් ෆ්ලෙමින්ගේ නම් ද යෝජනා වී තිබුණි.

ඒ අතරින් මහේල ජයවර්ධන ලොව උපායශීලීම ක්‍රිකට් නායකයා ලෙස නම් කෙරුණේ ඔහු 45%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම හේතුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post