මීගමුව, ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගයේ සිදු කරන අලුත්වැඩියාවක් හේතුවෙන් කොළඹ – පුත්තලම A-03 ප්‍රධාන මාර්ගය හෙට(06) උදෑසන 6.00 සිට අනිද්දා(07) සවස 6.00 දක්වා වසා තැබෙන බව පොලිසිය පවසනවා.
ඒ අනුව ජනතාව විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලිසිය දැනුම් දීමක් සිදු කරනු ලබනවා.