News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
5

රවී කරුණානායකට සහ අර්ජුන් ඇලෝෂියස්ට අධි චෝදනා ගොනුකර, ඇප මත මුදා හරියි

389 Views


රවී කරුණානායකට සහ අර්ජුන් ඇලෝෂියස්ට අධි චෝදනා ගොනුකර, ඇප මත මුදා හරියි

හිටපු අමාත්‍ය රවි කරුණානායක සහ අර්ජුන් ඇලෝෂියස් යන අය ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

රවි කරුණානායක මහතාට අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දරන සමාගමක් නිකුත් කළ මුදල්වලින් නිවසක් මිල දී ගැනීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව අද කැඳවූවා.

එහිදී මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට නියෝග කළා.

ඊට අදාළ අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණය විත්තිකරුවන් දෙදෙනාට අද භාර දුන්නා.

එමෙන්ම ඔවුන්ගේ ඇඟිලි සළකුණු ලබා ගැනීමට නියෝග කළ මහාධිකරණය විත්තිකරුවන්ගේ විදේශ ගමන් ද තහනම් කළා.

අදාළ නඩුව අප්‍රේල් මස පළමුවැනිදා යළි කැඳවීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post