News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
5

අභාවප්‍රාප්ත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගේ බිරිඳටත් කොවිඩ් ආසාදනය වෙයි

446 Views


අභාවප්‍රාප්ත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගේ බිරිඳටත් කොවිඩ් ආසාදනය වෙයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියගිය විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ බිරිඳටත් වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.

ප්‍රතිකාර සඳහා මේ වනවිට ඇය අයි.ඩී.එච්. රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වන්නේ.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය මෙරට දෙවැනි වෛද්‍යවරයා වන්නේ විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතායි.

ඔහු මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර යැවුණු අතර එහිදී ඔහු මිය ගියා.

වෛද්‍යවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොටිකාවත්ත ආදාහනාගාරයේදී නිරෝධායන නීතී රීතිවලට අනුකූලව අද උදෑසන සිදු කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post