කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 383 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 726ක්.
මේ අතර වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි 1133 දෙනෙකු සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව ගියා.
ඒ සමග මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 62,594ක් ලෙසයි.