News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
7

ප්‍රදේශ කිහිපයක් හෙට සිට හුදෙකලා බවින් ඉවතට

335 Views


ප්‍රදේශ කිහිපයක් හෙට සිට හුදෙකලා බවින් ඉවතට

හුදෙකලා තත්ත්වයට පත්කර තිබූ ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට එම තත්ත්වයෙන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව බොරැල්ල පොලිස් වසමේ ගෝතමීපුර මහල් නිවාසය, ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත සහ වේළුවන පාර (දෙමටගොඩ) යන ප්‍රදේශත් පූගොඩ පොලිස් වසමේ කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසම එලෙස හුදෙකලා බවින් ඉවත් වනු ඇති.

එමෙන්ම මිනුවන්ගොඩ පොලිස් වසමට අයත් ගල්ඔළුව ප්‍රදේශයේ ජුම්මා මස්ජිඩ් මාවත, හිද්‍රා මාවත, අලුත් පාර, අකරගොඩ සහ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝලාන දකුණ යන ප්‍රදේශ ද හෙට සිට හුදෙකලා බවින් ඉවත් කෙරෙන බවයි නිවේදනය කෙරුණේ.

ඊට අදාළ නිවේදනය පහතින් :

May be an image of text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Government Information 2021.02.07 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තා නිවේදන අංකය: 139/2021 නිකුත් කළ වේලාව:18:00 ප්‍රවෘත්ති නිවේදනය පහත දැක්වෙන ප්‍රදේශයන් හෙට (08) උදෑසන 5.00 සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද‍ර මහතා දැනුම් දේ. 01. බොරැල්ල පොලිස් වසමේ ගෝතමීපුර මහල් නිවාසය ගෝතමීපුර වත්ත ගෝතමීපුර වත්ත වේළුවන පාර (දෙමටගොඩ) 02. පූගොඩ පොලිස් වසමේ කුමාරිමුල්ල ග්‍රාම නිලධාරි වසම 03. මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ ජුම්මා මස්ජිඩ් මාවත හිද්රා මාවත .අලුත්පාර අකරගොඩ 04. අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝලාන Τ නාලකකලුවැව රජයේ ්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් கொலம்பு 11)2515759 www.news.lk'


News Articles
Latest Videos
Most Popular Post