News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
8

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 772 ක් වාර්තා වෙයි

312 Views


ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 772 ක් වාර්තා වෙයි

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 772 ක් වාර්තා වූ අතර එයින් ආසාදිතයින් 508 දෙනෙකුම හමුව ඇත්තේ බස්නාහිර පළාතෙන්. එයිනුත් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වූ දිස්ත්‍රික්කය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. ඒ අනුව එම ආසාදිතයින් ගණන 245ක්.

කොළඹ කොටුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 25ක්, බොරැල්ල 22ක්, මට්ටක්කුලිය 16ක්, ගොතටුව 12ක්, නවගමුව 13ක්, වැල්ලම්පිටිය 17ක්, කහතුඩුව සහ නාරාහේන්පිට යන ප්‍රදේශවලින් ආසාදිතයින් 10 දෙනා බැගින්ද ආසාදිතයින් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 214 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මිනුවන්ගොඩ 51ක්, නිට්ටඹුව 27ක්,කඩවත 26ක්, මීගහවත්ත 18ක්, දොම්පේ 14ක්, ජා-ඇල 14ක් වාර්තා වී ඇත.

මිට අමතරව ඊයේ දිනයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40ක්,කුරුණෑගල 41ක්, ගාල්ල 18ක්, රත්නපුර 53ක්, අම්පාර 16ක්, කෑගල්ල 06ක්, මාතර 13ක්, පුත්තලම 10ක්, මාතලේ 10ක්, නුවරඑළිය 02ක්, බදුල්ල 09ක්, මඩකලපුව 01ක්, අනුරාධපුර 11ක්, පොළොන්නරුව 02ක්, හම්බන්තොට 09ක්, වව්නියාව 08ක්, මන්නාරම 11ක්, මොණරාගල 01, මුලතිව් 02ක් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් එක් ආසාදිතයෙකු වාර්තා වී ඇත.


News Articles
Latest Videos
Most Popular Post