News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
8

දෛනික ආසාදිත සංඛ්‍යාව 878ක් – මෙරට සමස්ත ආසාදිතයින්ගේ ගණන 70,000 පසු කරයි

388 Views


දෛනික ආසාදිත සංඛ්‍යාව 878ක් – මෙරට සමස්ත ආසාදිතයින්ගේ ගණන 70,000 පසු කරයි

තවත් නව ආසාදිතයින් 364 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන්ගෙන් 345 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස වන අතර සෙසු 19 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රයෙන් හඳුනා ගැනුණා.

ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් හඳුනා ගත් ආසාදිත ගණන 66,225 දක්වා ඉහළ ගියා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ අලුතින් වාර්තා වූ ආසාදිතයින්ගේ ගණන 868ක් වන අතර මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් රෝගීන් ගණන 70,000 පසු කළා.

එම සංඛ්‍යාව දැක්වෙන්නේ 70,235ක් ලෙසයි.

එමෙන්ම ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත සංඛ්‍යාව 64,141ක්.

තවදුරටත් රෝගීන් 5,729 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්තවල දැක්වෙන්නේ.

මේ අතර අද වාර්තා වූ කොවිඩ් මරණ 9ත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 365 දක්වා ඉහළ ගියා.

May be an image of text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் of Government Information 2021.02.08 Updated යාවත්කාලින කිරීම 22:05 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති ර්තා නිවෙදන අංක: 145/2021 නිකුත් කරන ලද වෙලාව 22:05 ප්‍රවෘත්ති නිවේදනය 2021 පෙබරවාරි 08 වන දින දක්වා ක්වාදිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොව්ඩ් පොකුරු වලින් වාර්තා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ. මේ දක්වා වාර්තාවූ සංඛ්‍යාව අලුතින් වාර්තා වන සංඛ්‍යාව -65861 පෑළියගොඩ කොව්ඩ් පොකුරේ ආශ්‍රතයින් -345 බන්ධනාගාර කොවිඩ් පොකුර 364 19 එකතුව -66225 දිනට 878) නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 05. தோ +9411)2515759 www.news.lk'


News Articles
Latest Videos
Most Popular Post