ඊයේ දිනයේදී මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 887 දෙනකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 70 235 දක්වා ඉහල ගොස් තිබෙනවා.
මේ අතර කොරෝනා ආසාදිතයින් 740 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. එමෙන්ම ඊයේ දිනයේදී පුද්ගලයින් 5989 දෙනෙකු හට කොරෝනා එන්නත ලබා දී තිබෙන අතර ඒ අනුව එලෙස එන්නත් ලබා දී තිබෙන මෙරට සමස්ත පුද්ගලයින් ගණන එක්ලක්ෂ හැට හත්දහස් හත්සිය හැට දෙකකි.