කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වෙළෙදසැල් ආශ්‍රිතව හමුවීම හේතු කොටගෙන ගම්පහ නගරයේ පිහිටි වෙළෙදසැල් කිහිපයක් වසා දැමීමට පියවර ගන්නා බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා සඳහන් කරනවා.
ඉකුත් දින 04 තුලදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 280ක් පමණ සිදු කර තිබෙන අතර එයින් 58 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගත් බව නගරාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ.