News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
10

දිවයිනේ සියලු පාසල් මාර්තු 15 සිට ආරම්භ කිරීමට තීරණයක්

381 Views


දිවයිනේ සියලු පාසල් මාර්තු 15 සිට ආරම්භ කිරීමට තීරණයක්

දිවයිනේ සියලුම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු මස (15) වැනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

බස්නාහිර සහ හුදෙකලා කළ පොලිස් බල ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල් මේ වන විටත් විවෘත කර ඇති අතර, බස්නාහිර පළාතේ කොළඹ , ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු නිර්දේශ ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගියදා පියවර ගන්නා ලදී.

මේ වන විට කොළඹ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් එම නිර්දේශ ලැබී ඇති අතර, සෞඛ්‍ය බලධාරීන් වෙත යොමුකර ඒ සඳහා අනුමැතිය ලැබුණු පසු පෙබරවාරි 15 වනදා බස්නාහිර පළාතේ බොහෝ පාසල් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ පවත්නා සමස්ත පාසල් සංඛ්‍යාව 492 ක් වන අතර, ඉන් 412ක් පෙබරවාරි 15 සිට ආරම්භ කිරීමට කිසිදු ගැටළුවක් නොවන බව දිස්ත්‍රික් සංවර්ධන කමිටු විසින් නිර්දේශ කොට ඇත . ඒ අනුව කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 76 න් 73 ක්, ශ්‍රී ජයවර්ධනපුර පාසල් 31 න් 29 ක්, කඩුවෙල පාසල් 49 න් 17ක්, පාදුක්ක පාසල් 26 න් 11 ක්, මහරගම පාසල් 32 න් 7ක්, රත්මලාන පාසල් 27 න් 24 ක්ද , කොලොන්නාව, හෝමාගම කැස්බෑව, දෙහිවල ,මොරටුව, සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතෙහි සියලුම පාසල් ද ඒ අනුව පෙබරවාරි 15 වනදා වන විට විවෘත කිරීමට කමිටු නිර්දේශ ලැබී ඇත .

ඒ අනුව , කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 80ක් පමණක් පෙබරවාරි 15 වනදා විවෘත කිරීමට නොහැකි තත්ත්වයක පවතින බව දිස්ත්‍රික් කමිටු සඳහන් කරයි.

එළඹෙන මාර්තු පලමුවන දා සිට එකොළොස් වන දා තෙක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ද සියලු කටයුතු සූදානම් කර ඇති අතර, ඉන් අනතුරුව, මාර්තු 15 වැනි සඳුදා සිට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත්ව දිවයිනේ සියලු පාසල් සියලුම ශ්‍රේණි සඳහා විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය .


News Articles
Latest Videos
Most Popular Post