කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මාස කිහිපයක් වසා දමා තිබූ ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට පියවර ගැනීමත් සමඟ මැද පෙරදිග ගුවන් සේවා ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
බහරේනයේ ජාතික ගුවන් සේවය, ගල්ෆ් එයාර් ශ්‍රී ලංකාව වෙත නැවතත් ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව එළඹෙන 15 දා සිට එම ගුවන් සේවය කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත සතියට ගුවන් ගමන් වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.