ඊයේ දිනයේදී මෙරටින් මේ දක්වා හමු වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වූ අතර එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. වන අතර එම ගණන 252 ක් වනවා.
ඊට අමතරව ගම්පහ 227 ක් ද මහනුවරින් නව ආසාදිතයින් 150 ක් ද හමුව තිබෙන බවයි පැවසෙන්නේ. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 87ක්, රත්නපුර 49ක්, කුරුණෑගල 48ක්, ගාල්ල 27ක්, අම්පාර 17ක්, කෑගල්ල 10ක්, මාතර 21ක්, බදුල්ල 38ක්, කිලිනොච්චිය 11ක්, නුවරඑළිය 11ක් බැගින් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.