කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 536 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.
මිනුවන්ගොඩ, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට අද එක් වූ නව ආසාදිතයින් 536 දෙනා සමග එම පොකුරුවල සමස්ත ආසාදිත ගණන 68,691 දක්වා ඉහළ ගියා.
මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 567 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා.
ඒ සමග මෙරට සුවය ලැබූ ගණන 66,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 66,211ක් ලෙසයි.