News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
11

පාස්කු ප්‍රහාරයට අදාළව යුක්තිය ඉටු නොවුණහොත් ජාත්‍යන්තරයට හෝ යන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි

358 Views


පාස්කු ප්‍රහාරයට අදාළව යුක්තිය ඉටු නොවුණහොත් ජාත්‍යන්තරයට හෝ යන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවුණහොත් ජාත්‍යන්තර අධිකරණයට හෝ ගොස් සාධාරණය ඉටු කරන්නා බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරනවා.

අද පෙරවරුවේ කොළඹ අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් ඉල්ලූ නමුත් මේ වෙනතෙක් එය නොලැබුණ බව ද උන්වහන්සේ කියා සිටියා.

අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව අහිංසක මිනිසුන්ට ජීවිත අහිමි කළ සහ තවත් පිරිසක් වින්දිතයින් බවට පත් කළ ප්‍රහාරයේ වගකිව යුත්තනන්ට දඬුවම් දීම පුමුඛ කාරණය බවත් උන්වහන්සේ එහිදී සිහිපත් කළා.

එමෙන්ම අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුටත් පැවසුවේ, ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුම් දීම් ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් පිරිස්වලට ද දඬුවම් දිය යුතුව ඇති බවයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව නිසි අපරාධ විමර්ශනයක් සිදුකර තිබේ ද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් තමාට ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post