මියන්මාර හමුදා පාලනයට එරෙහිව විරෝධතා සංවිධාන කරන්නන්ට සහ පවත්වන්නන්ට එරෙහිව එරට රජය අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව එවැනි පුද්ගලයින් වසර 20කට බන්ධනාගාරගත කරන ලෙසට අදාළ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවයි.
මේ වන විට මියන්මාරයේ විරෝධතා උග්‍ර මට්ටමක පවතින අතර ඒවා මර්දනය කිරීම සඳහා මාර්ගවලට සන්නද්ධ රථ යොමු කිරීමට මියන්මාර හමුදා පාලනය පියවර ගෙන තිඛෙනවා.
ඒ අනුව යැන්ගුන්හී මාර්ගවල යුද ටැංකි හා වෙනත් සන්නද්ධ රථ පවතින බවයි බී.බී.සී. පුවත් සේවය පැවසුවේ.
කෙසේ වෙතත් එවැනි පසුබිමක් තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අඛණ්ඩව 9 වන දිනටත් විරෝධතාවල නිරත වන්නේ හමුදා පාලනයට ඉවත් වන ලෙස බලපෑම් කරමින්.
විරෝධතාවලට සම්බන්ධ 350 දෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.