News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
15

කොවිඩ් වෛරසයේ අමුතු ප්‍රභේදයක් කොළඹින් හඳුනා ගනියි

535 Views


කොවිඩ් වෛරසයේ අමුතු ප්‍රභේදයක් කොළඹින් හඳුනා ගනියි

කොළඹ නගරයේ පුද්ගලයින් දෙදෙනෙකුගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීම මගින් කොවිඩ් 19 වෛරසයේ විකෘති ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසනවා.

එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සිදු කළ පරීක්ෂණයකට අනුව කොළඹ නගරයේ රෝගීන් දෙදෙනෙකුගේ රුධිර පරීක්ෂා කිරීම තුළින් අදාළ ප්‍රභේදය හඳුනා ගත් බවයි.

ජනතාව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළහොත් කොවිඩ් තෙවැනි රැල්ලක අවදානමක් මතු විය හැකි බවයි වෛද්‍ය රුවන් විජයමුණි මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post