මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන 400 ඉක්මවා ගියා.
ඒ, අද තවත් මරණ 6ක් වාර්තා වීමත් සමගයි.
ඒ අනුව දිවුලන්කඩවල, පල්ලෙතලවින්න, හංවැල්ල, නුගේගොඩ, වත්තල සහ හුන්නස්ගිරිය යන ප්‍රදේශවලින් අදාළ මරණ වාර්තා වී තිබුණා.
එලෙස මියගොස් ඇත්තේ කාන්තාවක් ඇතුළු 6 දෙනෙක් වන අතර ඔවුන් අවුරුදු 48ත් 80ත් අතර වයස් සීමාවන්වල පසු වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.
එම මරණ සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 403ක් ලෙසයි.
එම මරණ පිළිබඳ තොරතුරු පහතින් :
