News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
16

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදියෙකුගේ පියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

404 Views


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදියෙකුගේ පියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුගේ පියා ලබන මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළා.

ඒ අදාළ පුද්ගලයාට එරෙහි පැමිණිල්ල අද මහෙස්ත්‍රාත්වරයා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ එම සිද්ධිය සහ බෝම්බකරුගේ පවුලේ සාමාජිකයින් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

කරුණු සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ, අදාළ සැකකරු මාර්තු මස 2 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post