අද දිනය තුළ බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000කට පමණ කොවිඩ් එන්නත ලබාදීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා.
මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ 27,018ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 17,622ක් හා කළුතර දිස්ත්‍රික්කයේ 11,710ක් ලෙස එම එන්නත්කරණය සිදුකිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.