ගෙදරින් විරුද්ධ වීම නිසා සිය පෙම්වතිය සමග නිවසින් පළා ගිය පෙම්වතෙක් විසින් පෙම්වතිය විවාහ කරගන්නට නම් කෝටි 02 ක මුදලක් අවශ්‍ය බව පෙම්වතියගේ දෙමව්පියන්ට සදහන් කර තිබෙනවා.
මේ සිදුවීම සිදුව ඇත්තේ කොඩිකාමම් ප්‍රදේශයෙන් වන අතර 24 හැවිරිදි තරුණියක් පැහැරගෙන ගොස් රදවා ගෙන සිටින තරුණයෙකු පිලිබදව එම තරුණියගේ දෙමවුපියන් විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර තරුණියද තමාව විවාහ කර ගන්නා ලෙස අදාල තරුණයාට පවසා තිබෙන නමුත් ඔහු සදහන් කර ඇත්තේ ඇය විවාහ කරගැනීමට තමාට කෝටි 2ක දෑවැද්දක් අවශ්‍ය බවයි.
අදාල තරුණියගේ පියා එම ප්‍රදේශයේ ධනවතෙක් වන බවයි වාර්තා වන්නේ.