බ්‍රිතාන්‍යය තුළ ව්‍යාප්ත වෙමින් තිබූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය හේතුවෙන් එරට සිට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත්කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, නිරෝධායන සහ කොවිඩ් පරික්ෂාවන්ට යටත්ව එම තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කළ බවයි.