අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 713 දක්වා ඉහළ ගියා.
ඒ අද රාත්‍රියේ හඳුනාගත් නව ආසාදිතයින් 344 දෙනා සමගයි.
එමෙන්ම අද පස්වරු කාලයේදී ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 369 දෙනෙකු හඳුනාගත්තා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ එලෙස හඳුනාගත් ආසාදිතයින් 369 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් රෝගීන් ගණන දැක්වෙන්නේ 77,897ක් ලෙසයි.
මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 747 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා.
ඒ සමග මෙරට වෛරසය වැළඳී සුව අතට පත් වූවන්ගේ මුළු ගණන 71,000 පසු කළා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ එම සංඛ්‍යාව 71,176ක් ලෙස දැක්වෙන බවයි.