News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
17

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ගෙන යන පෞද්ගලික බස් හිමියන්ට අද සිට නීති දැඩි වෙයි

440 Views


ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ගෙන යන පෞද්ගලික බස් හිමියන්ට අද සිට නීති දැඩි වෙයි

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් රැගෙන යන පෞද්ගලික බස් රථ හිමියන්ට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරන්ඩා මහතා පැවසුවේ, කොවිඩ් වෛරස ව්‍යාප්තිය වළක්වා ගැනීම සදහා අද සිට එම නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාමට බස් ගාස්තුව සියයට 20ක් ඉහළ දැමූ බව කියා සිටි ඒ මහතා ආසන ගණනට මගීන් ගෙන යන ලෙස පනවා තිබූ නිතිය ද එලෙසින්ම ක්‍රියාත්මක බව පෙන්වා දුන්නා.

බොහෝ බස් රථවල ආසන ගණනට වඩා මගීන් රැගෙන යන බවට ගමනාගමන කොමිෂන් සභාව වෙත පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව ද ඔහු පැවසුවා.

එලෙස කටයුතු කරන්නන්ට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක කරන බවත්, අවශ්‍ය වුවහොත් පොලිසියේ සහාය ලබා ගන්නා බවත් නිලාන් මිරන්ඩා මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post