මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ශකීල් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලාට අනුබල දීමේ චෝදනාවට අදාළවයි.
මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණා.