බියගම ප්‍රදේශයේ නිවසකට පැමිණි කණ්ඩායමක් විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව සදහන් කරමින් එම නිවසේ මුදල් සහ භාණ්ඩ කොල්ල කා තිබෙන බව වාර්තා වෙනවා.
එම කණ්ඩායම විසින් රුපියල් 58,000ක මුදලක් සහ ජංගම දුරකථන 4ක් මෙලෙස කොල්ලකා ඇති බව වාර්තා වන අතර මේ වන විට සැකකරුවන් 05 දෙනකු ඒ සිද්ධිය පිලිබදව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.